රුපියල් බිලියන 2.2ක ගල්අඟුරු වංචාවකට කැබිනට් අනුමැතිය ලැබිලා !

Published in පුවත්
Wednesday, 21 October 2015 16:33

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ලක්විජය - නොරොච්චොලේ තාප විදුලි බලා ගාරය සඳහා ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව හරහා රුපියල් බිලියන 2.2ක අක්‍රමිකතාවයක් සිදුව තිබේ. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබීමය.

මේ දිනවල ලෝක වෙළඳ පොළේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1 ක මිල ඇමරිකානු ඩොලර් 50 කට ආසන්නය. ගල් අඟුරු බාවිතය ලෝකයෙන් ඉවත් වෙමින් පැවැතීම නිසා මෙම මිළද අඩුවෙමින් පවතී. අවසන් වතාවට ශ්‍රී ලංකාව ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1 ක් මිළදී ගනු ලැබුවේ ඩොලර් 51.29 බැගිනි. ඒ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

යළි ගල් අඟුරු ගෙන්වීම සඳහා කැඳවනු ලැබූ ටෙන්ඩර අනුව 30/2015/PE දරණ කැබිනට් පත්‍රිකාව මඟින් එක් ව්‍යාපාරික සමාගමකට මෙම ටෙන්ඩරය ලබා දී ඇත. එම ටෙන්ඩරය අනුව පළමු අදියරේදී මෙට්‍රික් ටොන් 1කට ඩොලර් 51.96 ක මුදලක් නියම වූයේ ටොන් 1 කින් 0. 67 ක පාඩුවක් කරමිනි. මෙට්‍රික් ටොන් 396,000 ක් වෙනුවෙන් (ඩොලරයක් රු.143 ගනනේ) රටට අහිමි වූ මුදල රුපියල් මිලියන 38 කි. ඒ පැත්තකින් තැබුවත් දෙවන අදියරේදී එනම් ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් වන ගල් අඟුරු මෙට්‍රික් ටොන් 1 සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණේ ඩොලර් 58 බැගිනි. ටොන් 2,304,000 ක් සඳහා ඩොලර් 6.71 ක් වැඩි මිල අනුව රටට අහිමි වන මුදල රුපියල් 2,210,757,120 කි.(බිලියන 2.2 )

මෙම ගල් අඟුරු සැපයුම් කරුවන් තොරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඉල්ලුම් කරුවන් 08 දෙනෙකු ඉදිරිපත් විය. ඉන් සලකා බැලීමට තොරා ගනු ලැබුවේ ටෙන්ඩර් කරුවන් 4 දෙනෙකි. පසුව අඩු පාඩු සකස්කර යළි ටෙන්ඩර් පත් ඉදිරිපත් කළ සමාගම් දෙකකටද වශයෙන් සමාගම් 6ක් සලකා බලන ලදී.

පසුගිය ජූනී මසදී මෙම ටෙන්ඩර් පත් විවෘත කරනු ලැබීය. එම මිළ ගනන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමි‍ටුව වෙත ඉදිරිපත් කර ඇත.මෙහිදී අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ නොබෙල් රිසෝර්සස් ඉන්ටර්නැෂනල් සමාගමය. එහෙත් පසුව ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් සිංගප්පුර් ඔවර්සීස් එන්ටප්‍රයිසස් සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරයේ වෙනස් කම් සිදුකර එහි මිළ ගනන් අඩු කරමින් එම සමාගම වෙත ටෙන්ඩරය ලබා දීමට ප්‍රසම්පාදන කමි‍ටුව තීරණය කර තිබේ.

මේ පැහැදිලිවම නීති විරෝධි කටයුත්තක් වන අතර ඉට එරෙහිව ආනෙක් සමාගම් 4 ක් විසින් අභියාචයන්ද ඉදිරිපත් කළ නමුදු එවා නොසලකා හැරිණි.අමාත්‍යංශ ලේකම්වරයා පවා එම අභියාචනා විභාග කල යුතු නැතැයි මතයේ සිටියේය.

මේ මගඩිය පිටුපස විදුලි හා බල ශක්ති අමාත්‍යංශයේ ලොකු කෙරුමෙක් සිටින බව අප වෙත අනාවරනය වී තිබේ. මේ කෙරුමා මෙරට විදුලි සැපයුම්කරුවන් හා අතිශය සමීප සම්බන්ධතා පවත්වන්නෙක්ද වේ.

කෙසේ නමුත් යහපාලනය උදා කරම්හ! කියමින් බලයට ආ පාලකයෝ මේ ගැන තවම පියවරක් ගෙන ඇති බවක් වාර්තා නොවේ.



Last modified on Wednesday, 21 October 2015 16:38

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us