උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන උපදේශන සමාගම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ ඉරාන  සමාගමන් ඉල්ලුම් කරන පරිදි අරමුදල් ලබා නොදීමට තීරණය කළ බවයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැතැයි අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පෙන්වාදෙයි.

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැබෑ ලෙස ම ජනතා විශ්වාසයන් කඩ කළේ එදා ආණ්ඩුවේ සිටි අද විපක්ෂයේ සිටින පිරිස බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එබැවින් විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ විපක්ෂයට එරෙහිව බවය. ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් 40කින් වැඩි කිරීම සඳහා යෝජනාවක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් වී ඇතැයි සඳහන් වේ.

නිදහස් ලංකා ජාතික පෙරමුණ' නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා ඇත. ආචාර්ය රාජා ධර්මපාල මහතා එම පක්‍ෂයේ නායකයා වෙයි.

මුලින්ම ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයද නැතහොත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයද යන්න පිළිබඳ තීරණයක්‌ ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන පක්‍ෂ නායකයන් අතර අද (9 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් ව තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ කෙ‍ටුම්පත් යෝජනා කිහිපයක් අතරින් අද දින කැබිනට් අනුමැතිය ලැබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට බව දැන ගැනීමට තිබේ.

ld add copy

Connet With Us