මොකක්ද මේ ගෙදර නිදහස ඉල්ලන උද්ඝෝෂණය ?

Published in Gossip
Saturday, 17 October 2015 12:48

ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපස දැඩි කළබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණු අතර බොහෝ දෙනා සිතුවේ සිකුරාදා දිනයක් බැවින් ගම්බ්ම් බලා යන පිරිස නිසා එම කළබලකාරී වාතාවරණය හටගත් බවයි. එහෙත් පසුව එය දුම්රියපොළ ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව අනාවරණය විය.

සවස 4ට පමණ පටන්ගෙන පැයකට ආසන්න කාලයක් පැවති එම උද්ඝෝෂණයට සැළකිය යුතු පිරිසක් සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයන් එක හඬින් පවසා සිටියේ තමන්ගේ නිවාස වල නිදහස තමන්ට ලබා දෙන ලෙසයි. ඒ සම්බන්ධ විවිධ සටන් පාඨ සහිත පුවරුද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුන ඔවුන් තමන්ගේ ගැටලූවට හැකි ඉක්මණින් විසඳුම් ලබා දෙන ලෙසද බල කර සිටියහ.

කෙසේ වුවද පැයක පමණ කාලයකින් පසුව විසඳුමකින් තොරව උද්ඝෝෂණය නිමා වූ අතර උද්ඝෝෂකයන් පවසා සිටියේ තමන්ගේ ගැටලූවට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී මීට වඩා දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවයි.

jwt-2

jwt-1

Leave a comment

ld add copy

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us