කෙසේ නමුත් ඔහුගේ මෙම '' ඇඩ්රස් නෑ ' චිත්‍රපටය ප්‍රදර්ශනය සාර්ථක වන්නැයි අපි සුබ පතමු.
එහෙත් මේ දිනවල ජැක්සන් දන්නවා හෝ නොදන්නා විය හැකි නමුදු, රාජපක්ෂ ආණ්ඩුවේ සංදර්ශන කටයුතු ඉතා ඉහළ මිළ ගනන් වලට ජැක්සන් ඇන්තනීට ලබා දුන්නේ මන්දැයි මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් පවත්වමින් සිටී. ජැක්සන්ගේ ඇඩ්රස් නැති වීමට ඉඩ ඇත්තේ මෙහිදීය.
වන්දිභට්ට කලාකරුවන් කියා පිරිසක් රජ කාලයේදී සිටියා මෙන්ම රජාට ඇන්ද මේ කාලයේ මුග්ධ පාලකයන්ටත් වන්දිභට්ට කලාකාරයෝ කියා පිරිසක් සිටියහ. ජැක්සන් කියන්නේ ඉන් මේ කාලයේ ප්‍රමුඛයෙක් බව අවිවාදිතය. මේ රොත්තේම තවත් කිහිප දෙනෙකුට ලැබුණු සල්ලි මළු ගැනද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේවන විට සොයා බලමින් සිටී.
බල්ලා මළාම මැක්කන්ට ඇඩ්රස් නැතිවන්නේ යැයි කතාවක් මෙරට ජනවහරේ එන්නේ නිකම්ම නොවේ.