පළමු පෙරමුණ, නැවත අලුත් පෙරමුණකට

Published in Gossip
Monday, 26 October 2015 15:43

පසුගිය වසරේ මැද භාගයේදී පිහි‍ටුවනු ලැබූ පළමු පෙරමුණ නම් දේශපාලන වටා එක් ‍රැස්වූ පිරිස නැවත අලුතු පෙරමුණක් ගොඩ නැගීමෙහි යේදී සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම ව්‍යාපාරය ගොඩනඟනු ලැබුවේය. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසක් එක්වී සිටියහ. මෙම ව්‍යාපරයේ නිර්මාතෘත්වයට හා එහි මතවාදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් අයිතිවාසිකම් කිව්වද මෙය එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ අනුදැනුම ඇතිව ගො‍ෙනැගූ ව්‍යාපාරයකි, එහි මූලිකත්වය ගත්තේ නීතිඥ නන්ද මුරුතෙට්‍ටුවෙගම හා අසංග මහගෙදරය ජවිපෙන් ඉවත්ව සිටි නන්දන ගුණතිලක, අචල ජාගොඩ වැන්නවුන් තිරය පි‍ටුපස සිටියහ.

මෙම ව්‍යාපාරය සඳහා අරමුදල් සපයනු ලැබුවේ එජාපයට හිත්වත් ව්‍යාපාරිකයකු වූ හේමක ඩී අල්විස් මහතාය. ඒ කොහොම නමුත් මෙම ව්‍යාපාරය මඟින් ජවිපෙට හිතවත්ව සිටි විශාල කණ්ඩායමක් ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙත දිනාගැනීමට සමත්ව තිබූණු බවත් ඒ වෙනුවෙන් සමාජ මතයක් ගොඩනෑගීමට තමන්ට හැකිවූ බවත් මෙම පිරිස පවසයි.

ඒ කෙසේ නමුත් මෙම ව්‍යාපාරය සඳහා එදා සම්බන්ධව සිටි කිසිවකුට හෝ නව යහපාලන ආණ්ඩුවෙන් සැලකිය යුතු සැලකිල්ලක් ලැබුණේ නැත. මූලිකයා වූ නන්ද මුරුතෙට්‍ටුවට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පදවිය ලැබී තිබුණත් එයින් පළක් නැති බවට ඔහු මැසිවිලි නඟමින් සිටී. අසංග මහගෙදරට ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලැබුණු මුත් දැන් ඔහුට යන එනමන් නැත. අනෙක් කිසිවකුට විශේෂයෙන්ම ජවිපෙට සම්බන්ධ සිටි අයට එහෙමවත් දෙයක් ලැබී නැත.

මේ සම්බන්ධයෙන් පසුගියදා රනිල් වික්‍රම සිංහ මහතා හමුවීමට පැමිණි එම පෙරමුණට සම්බන්ධ හිතවතකු මේ අවනඩුව ඔහු කණේ තබා තිබිණි. වික්‍රමසිංහ මහතා ඊට උත්තර දී දිබුණේ ඒ කළ වැඩ වලට ඒ දවස්වලම ගෙවා අවසන් කළ බවය.

මේ තත්වය හමුවේ මේ පළමු පෙරමුණ යළි අලුත් පෙරමුණකින් සංවිධානය වී ඉල්ලීම් දිනා ගැනීමට සැලසුම් කරමින් තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us