ටීආර්සී ලොක්කාව එලෙව්වේ, මහරාජාට අලුත් ලයිසන් එක නොදුන්නු නිසාලු.

Published in Gossip
Monday, 26 October 2015 18:29

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුහයිර් මහතාව එම ආයතනයෙන් ඉවත් කිරීම සඳහා බලපෑ ආසන්නතම හේතුව මහරාජා සංවිධානය පසුගිය ඔක්තෝබර් 23 වන දින ආරම්බ කිරීමට නියමිතව තිබු 'චැනල් වන්' නම් රූපවාහිනී නාලිකාව සඳහා අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීම අත්හි‍ටුවීම නිසා බව දැන් හෙළිව තිබේ.

පසුගිය ඔක්තෝබර් මස පළමු වැනි දින මෙම බලපත්‍රය ලබා ගැනීම සඳහා වන අවසන් සාකච්ඡාව එදින උදෑසන 10.00 ට එම කොමිසමේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් නියමිත වේලාවට කොමිසමේ නියෝජිතයන් ඊට සහභාගි වූයේ නැත. පැයක පමණ ප්‍රමාදයකින් පසුව කොමිසමේ නියෝජිතයන් පැමිණෙන විට මහරාජා ආයතයේ නියෝජිතයන් නික්ම ගොස් තිබේ.

නැවත සාකච්ඡාව සදහා පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් පැමිණියේ නැත. මේ නිසා කොමිසම විසින් අවශ්‍ය ලියකියවිලි තහවුරු කර නැතැයි කියමින් එම රූපවාහිනි බලපත්‍රය ලබාදීම අත්හි‍ටුවා තිබේ.

එහි ප්‍රතිපළය ලෙස ඔක්තෝබර් 19 වන දින වන විට සුහයිර් මහතාට තනතුර ඇතැර යන්නට සිදු විය. ඊට පෙර මහරාජා ආයතනයේ තවත් තරගකාරී නාලිකාවකට බලපත්‍ර ලබාදීම නිසා මහරාජා ආයතයට සුහයිර් මහතා සමඟ ආරෝවක් තිබිණි.

ඒ අතරේදී චිත්‍රපටයක් වෙනුවෙන් මිලියන 700ක මුදලක් කොමිසමේ අරමුදල් වලින් ලබාදීමට අනුමත කිරීම ද සුහයිර් මහතාගේ හරහට හිටියේය. ඔහු එය අනුමත කර තිබුණේ තවත් ඉහළම රාජ්‍ය නිලධාරියකුගේ විධානය හා යහපාලන ආණ්ඩුව බිහිකිරීමේ කාර්යබාරයක් කළ මැඩම් කෙනෙකුගේ කීම් බහටය. ඒත් ඒ මැඩම්ගේ මිනිහෙක් උනත් තමන්ගේ මිනිහට නොසලකන එක යහපාලනය යටතේ වැ‍රැද්දකි.

ඒ කොහොම වුවත් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ලෙස සුනිල් එස් සිරිසේන මහතාව ජනාධිපතිවරයා විසින් පත් කොට තිබේ.

මහරාජාගේ . චැනල් වන්. නාලිකාව ඉදිරි දින කිහිපයකදී ආරම්බ කිරීම සඳහා දැන් සූදානම් වෙමින් සිටී. බුද්ධික වික්‍රමදාර, ෂර්ලි පී දෙලංකාවල, සඳරුවන් ජයවික්‍රම ඇතුළු පිරිසක් මෙම නව නාලිකාවේ ඉහළම තනතුරු දරති. ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියන්නේ මේ මහරාජාගේ නව නාලිකාව 'හිරු' නාලිකාවට අභියෝගයක් එල්ල කිරීම සඳහා වන 'පැණි' නාලිකාවක් වන බවය.

 

Last modified on Monday, 26 October 2015 19:42

Leave a comment

ld add copy

Connet With Us