විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක්‌ පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.

ආණ්ඩු බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරන්නට උත්සහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

නේපාලයේ හටගත් භූකම්පනයෙන් පීඩිත ජනතාවට අවශ්‍ය සහනාධාර රැගත් තවත් ගුවන්යානයක් ශ‍්‍රී ලංකාවේ සිට අද(02) පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියේය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී130 දරණ ගුවන් යානය නේපාල ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්ටි‍්‍රක් ටොන් දහතුන් දහසක් සහිතව පිටත් වී අැත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා ප්‍රකාශ කරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ  සහ වාර්ගික සාමය ඇති කිරීම සඳහා රජය කටයුතු කරමින් යන මෙවැනි මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ඉතා වැදගත් බවයි. 

යාපනය සරසවිය තුළ ඉගෙනීමට සහ ඉගැන්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර දෙන්නයි ආචාර්ය සංගමය ඉල්ලයි .

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02දා) දිවයිනට පැමිණීයේය. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහුව පිළිගත්තේය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us