ලලිත්ට මොකද වුණේ, තාත්තා මනෝ ගෙන් විමසයි

Published in පුවත්
Saturday, 31 October 2015 17:21

මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ සියලු පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව අවසන් කිරිමේ වගකීම තමන් භාරගන්නා බව ජාතික සංවාද පිලිබඳ ඇමැති මනෝ ගනේෂන් මහතා ලලිත් කුමාර්ගේ පියා වන ආරුමුගම් වීරරාජ්ට අද (31) විශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය.

ලලිත් කුමාර්ගේ පියා තම පුත්‍රයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් කරන ලෙසත්, එම පරීක්ෂණවල වර්තමාන තත්ත්වය තමන්ට දැනුම් දෙන ලෙසත් ඉල්ලා ඇමැතිවරයාට ලිපියක් භාර දෙන ලදි. එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් ලලිත්ගේ පියාට පැවසුවේ ලලිත් පිළිබඳ බලාපොරොත්තු අත්නොහරින ලෙසත් ඔහු සෙවීමේ කටයුතු ආණ්ඩුව දිගටම කරගෙන යන බවත් ය.

ලලිත් කුමාර්ගේ 34 වැනි උපන් දිනය අදට යෙදී ඇත. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස කටයුතු කොට පසුව එයින් ඉවත්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නැගීමට තම දායකත්වය ලබා දුන්නේය. යාපනයේ සිදු වූ අතුරුදන්වීම් සහ මානව හිමිකම් උල්ලංඝනයවීම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ ලලිත්ව යාපනයෙන් ඉවත් කරගන්නා ලෙස අනතුරු අඟවමින් මෙම අතුරුදන් වීමට පෙර ලලිත්ගේ පියාට දුරකතන ඇමතුම් ගණනාවක් ද ලැබී තිබිණි.

මේ අතර ලලිත්ගේ පියා පවසන්නේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද ලිපි දෙකක් භාරදීමට ලබන සතියේදී කටයුතු කරන බවයි.

lalath-2

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us