රනිල් - මහින්ද, ප්‍රචාරක කටයුතු එකම සමාගමකට බාර දෙයි

Published in පුවත්
Sunday, 01 November 2015 10:39

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආරම්බ කරන නව දේශපාලන සන්ධානයේ ඉදිරිපළාත් පාලන මැතිවරණ ඇතිවරණ ප්‍රචාරක සැලසුම සකස් කිරීම 'මීඩියා ෆැක්ටරි'නම් ප්‍රචාරක නියෝජිතායතනයට බාර දී තිබේ.

මෙම ආයතාය පසුගිය මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරන ප්‍රචාරක සැලසුම් සකස් කළ ආයතනය වන අතර එහි සාර්ථකත්වය මත මහින්ද වාදීන්ගේ නව සන්ධානයේ ප්‍රචාරක සැලසුමද එම ආයතනය වෙත ලබා දී තිබේ. එජාපයේ ඉදිරි මැතිවරන ප්‍රචාරක සැලසුමද මෙම ආයතනය මඟින්ම සිදු කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි

කෙසේ නමුත් මේවන විටත් ශ්‍රී ලනීපය පළාත්පාලන මැතිවරණය සඳහා තනිව තරග කිරීමට තීරණය කර තිබේ. එහෙත් පළාත් පාලන මැතිවරණය මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට එජාපය දැඩි ලෙස එරෙහි වීම නිසා නියමිත පරිදි මාර්තු මාසයේදී මැතිවරණය පැවැත්වීමට නොහැකිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කොට්ඨාශ ක්‍රමයෙන් වාසිය අත්වන්නේ මේවන විට වසර ගනනාවක් තිස්සේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස සිටින බහුතරයක් වන ශ්‍රී ලනීප මන්ත්‍රීවරුන්ට නිසා එමඟින් අනෙක් පක්ෂ වලට දැඩි අසාධාරණයක් වන බව එජාපයේ මතය වී ඇත. ඒ අතරම ජනතා විමුක්ති පෙරමුණේ මතය වී තිබෙන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන තෙක් නොසිට නියමිත කාලයේදී පවතින ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවය.

කෙසේ නමුත් නව ක්‍රමයෙන් ජවිපෙටද කොට්ඨාෂ නියෝජිතයන් පත් කර ගැනීමේ දුෂ්කර තාවයක් ඇතිව තිබේ. නව ක්‍රමයෙන් යෝජනා වී තිබෙන්නේ සමානුපාතිකව සියයට 30 කුත් කේවල සියයට 70 කුත් වශයෙනි. තමන්ගේ ගමට මහජන නියෝජිතයකු අවශ්‍ය බවට එල්ලවන චෝදනව නිසා මෙම මැතිවරන ක්‍රම වෙනස යෝජනා විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us