දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර තාක්‌ෂණය හා විදෙස්‌ නිරීක්‌ෂකයින් අවශ්‍යයි - මැක්‌ස්‌වෙල් පරණගම

Published in පුවත්
Thursday, 29 October 2015 08:25

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා රජය විසින් දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේදී එයට විදේශීය විනිශ්චයකාරවරුන් පත් නොකරන්නේනම් එම දේශීය යාන්ත්‍රණය යටතේ පිහිටුවන අධිකරණයට ජාත්‍යන්තර තාක්‌ෂණ සහාය ලබාගත යුතු අතර එම කටයුතු නිරීක්‌ෂණය කිරීමට විදේශීය නිරීක්‌ෂකයින්ගේ සහායද ලබාගත යුතු යෑයි

අතුරුදන්වීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ සභාපති මැක්‌ස්‌වල් පරණගම මහතා ප්‍රකාශ කරයි.මෙවැනි අවස්‌ථාවකදී රජයක්‌ විසින් ගතයුතු පියවර ජාත්‍යන්තර නීතියේ පැහැදිලිව දක්‌වා තිබේ. එමෙන්ම මෙවැනි තත්වයකදී අනිකුත් රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ගද සළකා බලා රජය පැහැදිලි රාමුවක්‌ තුළ ක්‍රියාකළ යුතු යෑයිද මැක්‌ස්‌වෙල් පරණගම මහතා නිකුත් කළ ප්‍රකාශයක දැක්‌වේ.

තම වාර්තාවේ සඳහන් යෝජනා ජාත්‍යන්තර නීති උපදේශක සභාවේ ප්‍රධානී රාජනීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා මහතා ද අනුමත කර ඇතැයි මැක්‌ස්‌වෙල් පරණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us