HNDA සටන දිනුම්.. අඬන්න ඕනෙලු කිරි එරෙන්න

Published in පුවත්
Wednesday, 04 November 2015 09:00

ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාව ලබාදීම සඳහා අවශ්‍ය කරුණු බලාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතක උසස් ගණකාධිකරණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDA) උපාධි සමානතාව ලබාදීම වෙනුවෙන් අංක 46/90 චක්‍රලේඛය නැවත බලගන්වන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෑත කාලයේදී ශිෂ්‍ය සටනක් ඔවුන්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කරමින් නිමා වූ අවස්ථාවක් ලෙසද මෙය ඉතිහාසයට එක්විය. එමෙන්ම පසු නොබැස සංවිධානාත්මකව අරගල කිරීම ජයග්‍රහණයේ මූලික අවස්ථාවක් බවද මෙමගින් නැවතවරක් ඔප්පු කර තිබේ.

පසුගිය ආණ්ඩුව අංක 46/90 චක්‍රලේඛය 2014 වසරේ අප්‍රේල් මාසයේ සිට අහෝසි කිරීම හේතුවෙන් ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හා පැවැති ගැටලු උත්සන්න වූ අතර, එතැන් පටන් එම සිසුහු විරෝධතාවල නිරත වූහ.

අදාළ චක්‍රලේඛය 2014.04.23 වැනිදා සිට නැවත බලගැන්වීම පිණිස නිර්දේශ සකස් කරමින් කැබිනට් පත්‍රිකාවටද තමා අත්සන් කර ඇති බව කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ශිෂ්‍ය ගැටලු පිළිබඳ සාකච්ඡාවට අගමැති ඇතුළු ආණ්ඩුව සූදානම් බැවින් සිවිල් නීති කඩනොකර සාකච්ඡාවට පැමිණෙන ලෙසද ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබාදීමට අදාළව සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට බාරදී තිබෙන බවත්, ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගන්නා බවත් විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඊයේ (03දා) ප්‍රකාශ කළේය.


ඔහු මේ බව සඳහන් කළේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති සාකච්ඡාවකදීය.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව ඔවුන්ට ලැබුණි.

එම සාකච්ඡාවේදී ලබන වසරේ විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා ප්‍රමාණය 10%කින් ඉහළ දමන බවත්, විශ්වවිද්‍යාල සිසුන්ට දැනට ලබාදෙන ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2500 සිට 4000 දක්වා මෙවර අයවැයෙන් වැඩිකරන බවත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට තමාගේ කැමැත්තක් නොමැති බවත්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

Last modified on Wednesday, 04 November 2015 09:08

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us