මහා බ්‍රිතාන්‍යය මුල් කරගත් ගෝලීය දමිළ සංවිධානය ,ශ්‍රී ලංකාවේ වත්මන් දේශපා ලන ප්‍රවණතාව පිළිබද අතිශය පැහැදීමෙන් පසුවෙයි .

ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කුටියක පැවැති රහසිගත සාකච්ඡාවකට සවන් දීමට උත්සාහ කළ ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති (එස්‌. ඩී. අයි. ජී.) එස්‌. එම්. වික්‍රමසිංහ මහතාට බැණ එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම මීළඟ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා  කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් සූදනම් වන බව රන්දිව පුවත් පත වාර්තා කරයි.  
 
 ජාතිවාදයෙන් ආගම් වාදයෙන් තොර සාමකාමී සහජීවනයෙන් යුතු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම සඳහා  අවශ්‍ය තීරණාත්මක දේශපාලන කාර්යභාරයක් ඉ‍ටු කිරීම වෙනුවෙන්  මෙලෙස නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුගේ නම යෝජනා කිරීමට නියමිතය. 
 
වසර තිහක් තිස්සේ පැවැති සිවිල් යුධයයෙන් පසුව මෙරට ජාතික සංහිඳියාව නිර්මාණය කිරීම පැවැති රාජපක්ෂ රජය හිතා මතාම ප්‍රමාද කළ බවත් දූෂිත ආර්ථික  ක්‍රමෝපායන් අනුගමනය කළ බවත් පෙන්වා දෙන බටහිර හා ඉන්දීය දේශපාලන විචාරකයන් එවැනි පාලනයක් පෙරලා දැමීමට රටෙ ජනතාව තීරණය කිරීම බියකරු ගෝලීය ප්‍රවනතාවයකට එරෙහිව ජනතා අප්‍රසාදය පළ වීමක් බවත් සඳහන් කරති.

නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව, නිවාස හා ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘ඕෂන් වීව් ඩිවෙලොපර්ස්’ සමාගමේ පසුගිය කාලයේ සිදු ව ඇතැයි කියන බරපතළ මූල්‍ය වංචා අක්‍රමිකතා රැසක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද (02) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට බලාගෙන සිටින මැරයන් පිරිසක්විසින් පහරදී තිබේ.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරස්‍රයේ උපවාසයක් ආරම්භ කලේය.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us