බංකොලොත් ඩයස්පෝරාවකට රජයෙන් ආරාධනා, යළිත් යුද්ධයකට සූදානම් වෙමු.

Published in පුවත්
Wednesday, 28 October 2015 10:01

පසුගිය ආණ්ඩු සමයේදී මෙරට තහනම් කොට තිබෙන 'ගෝලීය දෙමළ සංසදය'ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජය විසින් ආරාධනා කොට තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු ඉහල පෙලේ නියෝජිත මණ්ඩලයක් මාර්තු මාසයේ ලන්ඩනයේදී හමුවූ අවස්ථාවේ කළ එම ආරාධනය තමන් පිළිගත් බව ගෝලීය දෙමළ සංසදයේ (GTF) ප්‍රධානී එස් ජේ එමානුවෙල් පියතුමා 'රේඩියෝ ගගන' වෙබ් අඩවියට පවසා ඇත.

ලන්ඩන් සාකච්ඡාව සඳහා විදේශ අමාත්‍ය මංගල සමරවීර, පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පෙරේරාද සහභාගි වූ බව GTF සභාපති පියතුමා සඳහන් කරයි.

“දේශපාලන තලයේ පමණක් නොව සර්වාගමික තලයේද එක්සත්ව කටයුතු කළ යුතු බව මම ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්ට පහදා දුන්නා,” යි ඔහු කියා සිටියි.

එමානුවෙල් පියතුමා ශ්‍රී ලංකාවට පැමිණ සාමය ගොඩනැගීම සඳහා ආගමික ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එකඟතාව පල කළ බව එමානුවෙල් පියතුමා වැඩිදුරටත් පවසයි.

ඒ කෙසේ නමුත් ගෝලිය දෙමළ සංසදය යනු උතුරේ දෙමළ ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නොව මුළුමනින්ම දේශපාලන 'ඩීල්' මත කටයුතු කරන සංවිධානයකි. මෙම සංවිධානය 2010 වසරේදි පිහි‍ටුවනු ලැබුවේ ලෝකය පුරා ක්‍රියාත්මක දෙමළ ඩයස්පොරා සංවිධාන 15 ක පමන ඒකාබද්ධ සංවිධානයක් ලෙසය. එහෙත් මේවන විට ගෝලිය දෙමළ සංසදයට ඉතුරුව තිබේන්නේ එම බොර්ඩ් ලැල්ල පමණකි. එමානුවෙල් පියතුමාත් එහි ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් මාධ්‍ය නිවේදන ගසමින් එම සංවිධානය තවමත් තිබෙන බව පෙන්වීමට ගන්නා උත්සහය නොවෙන්න එම සංවිධානය වටා දෙමළ ජාතිකයන් 15 දෙනෙකුවත් නැති බව තතු දත්තො පවසති.

මෙම සංවිධානය පසුගිය රාජපක්ෂ පාලන සමයේදීද එම පාලකයන් සමඟ ඩීල් දැමූ බව ප්‍රකට රහසකි. වත්මන් ආණ්ඩුවද දෙමල ඩයස්පෝරාව යනුවෙන් අල්ලාගෙන තිබෙන්නේ මේ තක්කඩියන් කිහිප දෙනාගේ ගෝලීය දෙමළ සංසදයය. ආණ්ඩුවට ඔවුන් සමඟ කටයුතු කිරීම ඉතා පහසුය. ඉදිරියේදී ආණ්ඩුව ඔවුන් සමඟ සංදර්ශන කිහිපයක්ද පවත්වනු ඇත. විපක්ෂයේ සිංහල ජාතිවාදින් ටික එකතු වී ආණ්ඩුවට අවශ්‍ය ලෙස ඊට තඩිබාන හැටිද බලා ගැනීමට පුලුවන. තමන් දෙමළ අන්තවාදීන් සමගද සහයෝගයෙන් කටයුතු කරන බව ලෝකෙට පෙන්වීමට ආණ්ඩුවට එමඟින් අවස්ථාවක් ද ලැබෙනු ඇත. සිංහල දෙමළ සංහිඳියාවක් අපෙක්ෂා කරන ප්‍රගතිශිලී ජනකොටස් සතු‍ටු කිරීමටද ආණ්ඩුවට හැකිවනු ඇත.

එහෙත් ඒ සංදර්ශන වලින් උතුරේ ප්‍රශ්නයට විසැඳුම් ලැබෙන්නේ නැති බව පැහැදිලිය. ඇත්ත ප්‍රශ්නය යටපත් කර ඒ සංදර්ශන මඟින් වසා දැමීමේ ක්‍රමය රාජපක්ෂලාගේ ක්‍රමයය. ආණ්ඩුවද අනුගමනය කරමින් සිටින්නේ ඒ තක්කඩි කටයුත්තමය. දෙමළ ජාතික සංධානයද මෙහි අඩුවැඩිය සකස්කරනු ඇත. මෙය දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාවත් ‍රැවැටීමකි. උතුරේ දෙමළාගේ ප්‍රශ්නය උත්තර නොදෙන තාක්කල් දකුණේ සිංහලයාට ජීවත් වන්න වෙන්නේ බියෙනි. එහෙත් පැවැති ආණ්ඩුව පෙ‍රැලවූයේ බියෙන් අත් මිදෙමු කියාය.

මේ අතර ජනාධිපතිපවරයාද දිගින් දිගටම යුධ අපරාධ චෝදනා ලබන සියළු හමුදා නිළධාරීන එම චෝදනාවලින් බේරා ගන්නා බව දැඩිව අවධාරණය කරයි. එහෙත් අසාධාරණයට ලක්වූ උතුරේ දෙමල ජාතිකයන්ට දෙන විසැඳුම ගැන නිහඬය. ඒ ගැන ආණ්ඩුවේ කිසිදු සාකච්ඡාවක්ද නැත. ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධානද නිහඬය. තම තමන්ගේ කොටහා බේරාගැනිමෙන් පසුව කට්ටියම ප්‍රශ්නය අතහැර ඇත.

යුද්ධයේ අවසන් දින කිහිපයේදී වැඩ බැලූ සේනාධිනායකයා වූ වත්මන් ජනපතිටත් සිංහල බෞද්ධ යුධකාමී රෝගී තත්වයෙන් මිදීමට නොහැකි වී ඇති බව ඔහු පසුගිය දින කිහිපයේදි කළ ප්‍රකාශවලින් පැහැදිලිය.

මේ අනුව රටේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලිව කිව හැකිව තිබෙන්නේ යළිත් යුද්ධයක් බලපොරොත්තු වෙමු කියා පමණය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us