කරාටේ වසන්තගේ ඝාතකයා කරලියැද්දගේ ගෝලයෙක් !

Published in පුවත්
Wednesday, 28 October 2015 16:10

ලෝක ප්‍රකට ගිනිස් වාර්තා තැබූ ශූරයෙක්, අනුරාධපුර සමාජ ශාලා හිමියෙක් මෙන්ම ප්‍රකට කරාටේ උපදේශකවරයෙක්ද වන වසන්ත සොයිසා ඝාතනය සිදුකල අපරාධකරු මේවනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

SF ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ යන මේ ඝාතකයා හිටපු අමාත්‍ය තිස්ස කරළියද්දගේ දේශපාලන රැකවරණ යටතේ හැදුණ වැඩුණ සුහච කීකරු පාතාල සගයෙක් බවටද දැන් වාර්තාවේ. ඝාතනයට සතියකට පෙර සිට ‍එය සැලසුම්කර ඇති අතර ඒ අවස්ථාවේ මෙම ඝාතනය සිදුකරන බවට 2015.10.05 දින තර්ජනාත්මකව එවූ ෆේස්බුක් පණිවුඩය පහත දැක්වේ.

මෙහි සඳහන් වෙන්නේ “දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න – ලොකු මල්ලි ” ලෙසින්ය

මෙම ඉහත ඡායාරූපයේ සිටින්නේ අදාල ඝාතකයා වන නිරෝෂන් රණසිංහ නැමැති පුද්ලගලයා තිස්ස කරලියද්ද සමග ඉතා සමීපව සිටින අවස්ථාවකි. ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව තවමත් පොලීසියට හසුවී නැති මොහු සිටින්නේ තවමත් අදාල හිටපු අමාත්‍යවරයාගේ රැකවරණ යටතේ බවට සැක කෙරේ. මෙම ඝාතනය ඉතා සැලසුම් සහගතව කරන ලද්දක් බව මෙම ‍ෆේස්බුක් පණිවිඩයෙන් වඩාත් තහවුරු වේ.

සොයිසා සහ ඔහුගේ පුත්‍රයා මීට පෙර අවස්ථා තුනකදීම තමන්ට මෙම නිරෝෂණ් රණසිංහ නැමති පුද්ගලයාගෙන් සිදුවණ හිරිහැර පිළිබඳ අනුරාධපුර පොලීසියට පැමිණිලි කරත් සොයිසා මරාදමා යන තුරුම පොලීසිය ක්‍රියාත්මක නොවීම ඉතා විශේෂ සිදුවීමකි. එලෙස පොලීසිය ක්‍රියාත්මක නොවන්නට ඇත්තේද අදාල නිරෝෂණ් නැමති පුද්ගලයා තිස්ස කරලියද්දගේ සුහච කීකරු ගෝලයෙක් නිසාවෙන්ය.

පිරිසක් සමග පැමිණ සොයිසා තමන්ගේම සමාජ ශාලාව තුලදී කපා කොටා ඝාතනය කර පැන යන මට්ටමට අපරාධකරුවන් ප්‍රබල වූයේ මේ දේශපාලන රැකවරණ නිසාම බව පැහැදිලිය.

cia.lk

 

wasantha-2

එස්.එ‍ෆ් ලොකු හෙවත් නිරෝෂණ රණසිංහ

 

Last modified on Wednesday, 28 October 2015 17:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us