රනිල්, විමල් වෙනුවෙන් නීතිය කැඩුවේ ඇයි , මේකද යහපාලනේ ?

Published in පුවත්
Monday, 26 October 2015 20:47

යළිත් පාස්ර්පොර්ට් මගඩියකට විමල් වීරවංශ මහතා හවුල් වූ බව දැන් රටම සහසුද්දෙන් දනී. රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ දුන්නේ නම් මේ වන විට විමල් වීරවංශ අත් අඩංගුවේ පසුවිය යුතුය. සාමාන්‍ය ගුවන් මගියකුට මේ සිදුවූවානම් සිදුවන්නේ කුමද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

දෙමළ ජාතිකයකුට මෙවැනිසිදුවීමක් වූවානම් මේවන විට ත්‍රස්තවාදියකු කර මාස තුනකට විතර ‍රැඳවීම නියෝග ගසා හිර කූඩුවේ කූරු ගැන ගැන ඉන්නට සිදු වීම අනිවාර්යය. ඒ තත්වය පැවැති රාජපක්ෂ පාලනයේ දී පමණක් නොව වත්මන් 'යහපාලනයේ දී ද අනිවාර්යය. පසුගිය මාස දහය තුල දෙමල ජාතිකයන් විස්සකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගැනුනේය. ඒ විමල් වීරවංශ කළ ආකාරයේ ලොකු මගඩි වලට නොවේ. අත් අඩංගුවට ගත හැකි හේතුවක් සොයා ගත හැකි යැයි සැක පිටය!

වීරවංශයේ අත් අඩ්ංගුවට ගැනීම ගැන රහස් පොලීසියට චෝදනා එල්ලෙ වන්නේ ඒ ආරක්ෂක අමාත්‍යංශයෙන් එනම් ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව ඒ සිදුවූ බව හඟවමින්ය. එසේ නම් පෙර දී දෙමළ ජාතිකයන් අත් අඩංගුවට ගැනීමත් එහෙම විය යුතුය.

ඒ කෙසේ නමුත් ඒ දෙමළ ජාතිකයන් නිදහස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ නැත. එහෙත් වීරවංශව නිදහස් කර ඔහුට යන ගමන යන්න දෙන්නට යැයි කීම අගමැතිවරයා හා වීරවංශ අතර අපි නොදන්න වෙන යාලු කමක් තිබෙනවා දැයි අපි දන්නේ නැත. එහෙමත් නැත්නම් උදුලාගම වාර්තාව හා පරණගම වාර්ත එළියට දමන්නට වීරවංශලා කළ උපකාරයට කෘතගුණ සලකන්නට දැයිද විය හැකිය.

ඒ කෙසේ වෙතත් අගමැතිවරයා මෙහිදී කටයුතු කළේ නීතියෙන් එපිටට ගොස්ය. මීට පෙරද වීරවංශගේ බිරීන්දෑගේ පාපොර්ට් මගඩියකට චෝදනා ලබා පෙර වැරදි සහිතව සිටී වීරවංශව කිසි වග විභාගයක් නොමැතිව නිදහස් කිරීමට අගමැතිවරයා කටයුතු කිරීම කිසිසේත්ම යහපාලනය නොවේ. නීතියේ ආධිපත්‍යය නොසලකා හරීමකි. අගමැතිගේ පිහිටෙන් විමල් දැන් ඔහුගේ දේශප්‍රේමී යුරෝපා සංචාරයේ යෙදෙමින් සිටී.

රාජපක්ෂ රෙජිමය කාලයේ මෙරට නීතිය වුයේ රාජපක්ෂගේ කැමැත්තය. ඒ යුගය අපි පරාජය කළේ පොදු ජනතාවට යුක්තිය සාධාරණය ඉ‍ටු විය යුතු බැවිනි. එහෙත් දැන් නැවතත් ඒ පරණ යුගයේ හෙවණැලි දකින්නට ලැබේ. එකල චෝදනා ලැබූ කම්බ හොරු මේවන විට එජාප ඇමැතිවරුන්ගේ ඔඩොක්කු වලය. තාවකාලිකව යටපත් වූ ජාවරම්කාර ආර්ථිකය යළි පණ ගැහෙමින් තිබේ.

ගල් අඟුරු, කරුන්කා, එතනෝල් ජාවාරම දැන් ජයටම සිදුවේ. චීන කොමිස් මගඩි යළිත් සිදුවෙමින් තිබේ. මේවා පි‍ටුපස එජාප ඇමැතිවරු රොත්තකි.

ඒ අතරේදී අගමැතිවරයා නීතිය කැඩු විමල් වීරවංශව නිදහස් කරයි. ඒ හෙට දිනයේ පූර්වාදර්ශය වීම වැලැක්විය හැකි නොවේ. මෙලෙස රටේ නීතිය බාල්දු කරමින් වීරවංශලා වැනි ප‍ටු ජාතිවාදී ඔල්මොරොන්දම් දේශප්‍රේමීන් රකින්නේ කවර අරමුණක් වෙනුවෙන්දැයි අගමැතිවරයා රටට පැහැදිලි කළ යුතුය.

Last modified on Monday, 26 October 2015 20:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us