අපි ඇළක දොළක නාන්න ගිය වෙලාවට මාළුවෙක් කකුල කනකොට අපිට දැනෙන්නේ අමුතු කිතියක්. ඒ අත්දැකීම ඔබ කවදා හෝ විඳලා ඇති.

නව ආණ්ඩුවේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස අද දින (20) විදේශ ඇමැති මංගල සමරවීර .මහතා වැඩ බාර ගැනීමට නියමිත බව වාර්තාවේ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශයේ ඇති පුද්ගලික රක්නා ලංකා සමාගම වෙත ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුකූලව ලබා දී තිබූ අවි තොගයෙන් 90% ක් පමණ හමුවූයේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි.

ඡන්දය දින රාත්‍රී සිදුකිරීමට ගිය බව කියන කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වාගෙන යන පරීක්ෂණයේ වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය යන එකඟතාවයට අද රැස්වූ ජාතික විධායක සභාව පැමිණි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 
පසුගිය 2012 වසරේ නොවැම්බර් 09 වන දින සහ ඊට පසු දින  ‍රැඳවියන් 27 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර යේදී   මරා දැමීම සම්බන්ධයෙන් ඒ ඇසින් දු‍ටුවෙකුගේ සාකෂියක් ගෝ රයිට් සාමුහිකය වෙත ඉදිරිපත්ව තිබේ.

ආයතන ගනනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට අද (20) පැමිණිලි කරන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් 31 දෙනෙකු ආපසු ​සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ඉල්ලා පොලිස් මූලස්ථානයට හා අංගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැසුවාය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us