ලෝකයේ ප්‍රීතිමත්ව රටවල් අතර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
උතුරේ කලබල සමයේ වැසී ගොස් තිබු පරන්තන් රසායන සමගම යලි ඇරඹීමට රජය තිරණය කර ඇත.
රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පැවසුවේය.
19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.
දින 100 සාර්ථකයි - බිඳී ගිය විදෙස් සබඳතා යළි ශක්තිමත් වූවා
බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක් කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.