ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක මාරු කරනවා
දැනට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් එම තනතුරින් මාරු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මෛත්‍රී,රනිල් ඇතුළු ඇමති මණ්ඩලයට අලුත් වාහන තහනම්
ජනාධිපතිතුමන් , අග්‍රමාත්‍යතුමන් ඇතුලු ඇමති මණ්ඩලය හට නව වාහන මිල දී ගත නොහැකි බවට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.
රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති මහාපරිමාණ දූෂණ සොයාබැලීම සඳහා විශේෂ කොමිසමක් පත්කර තිබේ.
බැසිල් හොරා කෑ මුදල් ආපසු ගන්න- නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය
පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බවත් එම මුදල නැවත ලබාගන්නා ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වහාම සිවිල් නිලධාරීන්ගෙන් සමන්විත පරික්ෂණ කමිටුවක් පත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.