නාවල වැලිපාර්ක් උද්‍යානය, යහපාලනය යටතේ සත්ව පාලනයට.

Published in පුවත්
Sunday, 22 November 2015 12:57

නාවල 'වැලිපාර්ක්'තෙත්බිම් උද්‍යානය දැන් පාලනය වන්නේ මානසික අසහනකාරයන් වෙතින් බව ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

විශෙෂයෙන් ම මේ උද්‍යානයට විවේකයෙන් ගත කිරීමට පැමිණෙන ජනයාට නොසරුප් බසින් බැණ වැදීම් මෙම උද්‍යාන පාලකයන් දෙදෙනකු වෙතින් නිරන්තරයෙන්ම සිදුවෙමින් තිබේ. පෙම්වතුන තබා අඹුසැමියන්ටද මෙම උද්‍යානය තුල එකට වාඩී වී සිටීමේ අවසරය දැන් ඇත්තේ නැත.

ඊයේ(21) රාත්‍රී කාලයේදී තම ගැබිණි බිරීඳගේ සෞඛ්‍ය වෙනුවෙන් ඇවිදීම සඳහා මෙම උද්‍යානය වෙත ‍රැගෙන ආ අවස්ථාවේදී මෙහි උද්‍යාන පාලකවරු දෙදෙනා ඉතා නින්දිත ලෙස තමන් අනාචාරයක යෙදීමට පැමිණ බව කියමින් බැණ වැදුනු බව එම සැමියා අප වෙත අදහස් දැක්වීය. එම අවස්ථාවේදී උද්‍යානයේ සිටි රජයේ ඉහල නිළධාරියකු ද ඊට මැදිහත් වී උද්‍යානපාලකුවරු දෙදෙනට බැණ වැදී ඇත. පසුව කළ සොයා බැලීමේදී හෙළි වූයේ මිරිහාන පොලීසියට අනුයුක්ත පොලිස් නිළධාරීන් වන එම පාලකයන් දෙදෙනාට එම ස්ථානයේ රාජකාරි කටයුතු පවරා ඇත්තේ යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් බවත් ඔවුන් දෙදෙනා එම ඇමැති බලතල තමන්වෙත පවරාගෙන කටයුතු කරමින් සිටින බවත්ය. උද්‍යාන කාර්යාලයේ අනෙකුත් සේවකයන්ටද මෙම උද්‍යාන පාලකවරු දෙදෙනා විශාල ගැටලුවක් බවත් දැන් ගැනීමට ලැබී තිබේ.

නාගරික කලාපයක විවේක උද්‍යාන අවකාශයන් විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී විවෘතව පැවැතීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම රාත්‍රියේදී පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව හා නිදහස තහවුරු කිරීමද සිදු විය යුත්තකි. එහෙත් එය විය යුත්තේ මෙවැනි මානසික අසහනකාරයන් වෙතින් නොවේ.

නාගරික ජනතාවගේ විවේකය විනෝදය සඳහා නිදහස් අවකාෂයන් සකස් කිරීම හා නාවල, නුගේගොඩ අවට වැසිජලය බැස යැවීමේ ප්‍රශ්නය නිමා කිරීමට 2013 වසරේදී නාවල 'හීන් ඇල' සංවර්ධනය හා ඒ ආශ්‍රිත 'වැලිපාක්' තෙත් බිම් උද්‍යානය සකස් කිරීම සිදු වූ අතර. එය මෙරට ප්‍රථම නාගරික තෙත් බිම් උද්‍යානය ලෙසද සැලකේ. එය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලදී.

එවකට ද මෙලෙස උද්‍යානය පාලනය සිදුවූවද පැමිණෙන ජනතාව කෙරෙහි ගෞරවනීය ලෙස කටයුතු කරනු ලැබීය. එදා රජයේ ඔත්තු කරුවන්ගෙන්ද මේ උද්‍යාන පිරී පැවැතියද එය කිසිවකුට අවහිරයක් නොවන ලෙස පවත්ගෙන යාමට උත්සහ කරනු ලැබීය.

Last modified on Sunday, 22 November 2015 14:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us