මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති පත්කළ හෙෂාන් කවුද?

Published in පුවත්
Sunday, 22 November 2015 11:32

පසුගිය සති කිහිපය තුලා ආන්දෝලනයකට තුදු දුන් ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධ ගැටලුව ජනාධිපතිවරයා සිය බලතල යොදගනිමින් විසඳා ඇත.

ඒ අනුව ඔහුගේ හිත මිතුරු ලාෆ් ගැස් අධිපති ඩබ්ලිව්.කේ.එච්.වැගපිටිය මහතාව ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කොට ඇති අතර. වෑගපිටිය මහතාගෙන ව්‍යාපාරික සහකරුවකු වන හෙෂාන් ද සිල්වා මහතාව මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කොට තිබේ. ඒ තුසිත හල්ලොළුව මහතා ඉවත් කිරීමෙන් වූ පුරප්පාඩුව වෙනුවෙනි.

හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට 'බිලියන්' පතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර 17,000 ක පමණ මුදල් ආයෝජය කර ඇති බව පැවසේ. එසේම අමරිකාවේ නිව්යෝක් නුවර හෙජ් අරමුදල් දෙකක ඩෝලර් බිලියන 2කට ආසන්න මුදලක් ආයොජනය කර ඇති බවද පැවසේ. මෙරට ලාෆ් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙසද ඔහු කටයුතු කරයි.

කෙසේ නමුත් පසු ගිය ආණ්ඩු සමයේදි වූ බිලියන ගනනක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවෙයි.

ඔහුගේ ව්‍යාපාර ආරම්බය හා එය වසර 7 ක තරම් කෙටි කාලයක් තුලදී මෙතරම් දියුණු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා අවධානය යොමු කර ඇත.

ඔහු අමරිකාවේ අධ්‍යාපනය ලබා ඇති අතර ඔහුගේ ප්‍රථම ව්‍යාපාරය වූ ‘සිල්වා ගෘප්‘ නම් ව්‍යාපාරික ආයතනය ඩොලර් 200 ක තරම් සුළු මුදලකින් කෙන්යාවේදී ආරම්බ කර තිබේ. ඔහු කෙන්යාවේ ජනප්‍රියතම තරුණ ව්‍යවසායකයකු වන අතර ව්‍යාපාරික සම්මාන ගනන්නාවකම දිනාගෙනද ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us