ඒකාබද්ධ විපක්‍ෂ එජනිස 4 ක්‌ ආණ්‌ඩුවට එක්‌වෙති

Published in පුවත්
Monday, 23 November 2015 10:07

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මේ අතරින් එක්‌ මන්ත්‍රීවරයකු 'මහින්ද සමඟ නැගිටිමු' ව්‍යාපාරයේ ඉහළින්ම කටයුතු කළ අයකු බව ද පැවැසේ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනකුට කැබිනට්‌ සහ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදීමට නියමිත අතර, තවත් මන්ත්‍රිවරයකුට දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු සභාපති ධුරයක්‌ ලබාදීමට ද නියමිත බව එම ප්‍රකාශකයා කීය.

මෙම අයට ඇමැති ධුර ලැබෙනුයේ ශ්‍රීලනිපයට ආණ්‌ඩුවේ හිමි කෝටාවෙන් වන අතර, මොවුන් එජාප සභාපති ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා සමඟ ආණ්‌ඩුවට එක්‌වීම සම්බන්ධව සාකච්ඡා වට කීපයක්‌ පවත්වා තිබේ. මොවුන් ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ජනාධිපති හා අගමැතිවරයාගේද කැමැත්ත හිමිව ඇත.

ඒ අනුව මොවුන් ඉදිරියේදී ආණ්‌ඩුවේ මංගල අයවැය යෝජනාවලියට සම්බන්ධව ඡන්දය ලබා දෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වෙනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීය.

මේ අතර තවත් මන්ත්‍රීවරයකු තමන්ට ආණ්‌ඩුවට එක්‌වීමට අවශ්‍ය බව කියමින් කීපවිටක්‌ එජාප සභාපති මලික්‌ සමරවික්‍රම මහතාට ඇවිටිලිකර ඇත. එහෙත් මෙම මන්ත්‍රීවරයාව ආණ්‌ඩුවට කිසිසේත් එක්‌කර නොගන්නා ලෙස අගමැතිවරයා පවසා තිබේ.

මෙම මන්ත්‍රීවරයා පසුගිය ආණ්‌ඩුව නියෝජනය කළ ප්‍රබල කැබිනට්‌ ඇමැතිවරයකු වන අතර, දින සියයේ ආණ්‌ඩුවට එක්‌වීමට මෙම මන්ත්‍රීවරයා කීපවිටක්‌ම උත්සාහ කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

 

divaina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us