වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා විශේෂ කාර්ය බළකාය අතර 2012 නොවැම්බර් මස 09 වැනිදා ඇති වූ ගැටුම පිළිබඳව නිසි විමර්ශනයක්‌ සිදුකර මියගිය හා වින්දිතයන් බවට පත් වූ අයට සාධාරණයක්‌ ඉටුකිරීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඊයේ (23 දා) පත්කර තිබේ.

හිටපු තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට රජය මගින් ලබාදී තිබූ නිල වාහන හතෙන් හතරක්‌ ඊයේ (23 දා) දහවල් වනවිටත් තැපැල් සේවා අමාත්‍යාංශය වෙත නැවත භාරදී නොතිබුණ බව තැපැල් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ ඊයේ (23 දා) පැවසීය.

දැනට සී.එස්‌.එන්. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් උතුරු-නැ‍ඟෙනහිර පළාත් සම්බන්ධයෙන් ‍රහස් ගිවිසුමක් ඇති කරගෙන ඇති බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යාජ එකක් බවට රහස් පොලිසිය තහවුරු කර ගෙන තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් තුනක් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පත් කර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට වසර 05කි. ඔහුට සිදුවූයේ කුමක්දැයි අදටත් රහසකි. වත්මන් ආණ්ඩුවෙන් හෝ ඊට පිළිතුරක් ලැබෙනු ඇතැයි ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාත් අනෙක් මාධ්‍ය සගයන්ද බලා හිඳී.

ජනවාරි 29 වන දා ගෙන ඒමට නියමිත අතුරු අය වැය වෙනුවට බඩූ මිල අඩු කිරීමට විශේෂ ප්‍රකාශයක් කිරීමට රජය සුදානම් වෙමින් සිටී යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසා සිටී. අද මරදාන සමාජ හා සාමයීක කේද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ ඔහු වැඩි දුරටත් මෙසේ පවසා සිටියේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මේවන විටත් තනතුරුවල සිටින දූෂිත නිළධාරීන් ඉවත් කර එහි දූෂණ වංචා පරික්ෂා කරන ලෙස එහි සේවක පිරිස ඉල්ලා සිටී.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us