"පසුගිය ආණ්‌ඩුවට එක්‌වීමට ගත් තීරණය ගැන මා අද දුක්‌ වෙනවා. නරක ග්‍රහ බලපෑමක්‌ නිසා එහෙම සිදු වෙන්න ඇතැයි විශ්වාස කරනවා" යැයි එජාප හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා දිවයින පුවත්පත ඊයේ (25 දා) කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කර ඇති අතර අත්තනායක මහතා තවදුරටත් තමන් එජාප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ත් පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු රට හැර ගිය හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු පොලිස්‌පති මහින්ද බාලසූරිය ඇතුළු දූෂණ චෝදනා හේතුවෙන් රට හැර ගොස්‌ සිටින පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව වහාම මෙරටට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන  ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (theRightLivehoodAward) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා වසර දහයකට පසුව පසුගියදා සිය මවු රටට පැමිණියේ ය.

පැවැති රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතියත් සදාචාරයත් කෙළසා දමමෛන් කටයුතු කළ බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මාරු කරනු ලැබ තිබේ. එම තනතුර සඳහා උතුර පාළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.

“අපි හිතුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. අපේ ජනාධිපතිවරයාත්, මමත් නියෝග ලබාදුන්නා අපේ කටවුට්, පෝස්ටර් ගලවන්න කියලා. දැන් එතුමගේ මූණවත්, මගේ මූණවත් දකින්න නෑ. දකින්න තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මූණවිතරයි. ඒක ගලවන්න කියලා අපි කිවුවෙ නැහැ. ඒක තියෙනවා නම් වඩා හොඳයි හැමෝටම බලන්න.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යුරෝපා සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙදහස් හත්සීය හැත්තෑ හතක මුදලක් රජයේ විවිධ ආයතනවලින් අයවීමට තිබෙන බව තහවුරු වී අැත.

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us