රෙද්ද පල්ලෙන් බේරෙන ලක්ෂ්මන්ලාගේ යහපාලනය

Published in පුවත්
Monday, 29 February 2016 10:28

විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැති ලක්ෂමන් කිරිඇල්ල කටඇරියොත් කතා කරන්නේ යහපාලනය ගැනය. නමුත් ඉතිහාසයේ පළමුවෙනි වතාවට එළිපිට තමන්ගේ පුද්ගලික හැඳුනුම්කමක් ඇති පුද්ගලයෙක්ට කථිකාචාර්ය තනතුරක් ලබාදෙන ලෙස අංශාධිපතිවරයෙක්ට රාජකාරී ලිපියක් යවන්නට තරම් කිරිඇල්ල පත්වතිබීම තුළින් කිරිඇල්ලලාගේ යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන තත්ත්වයක් උද්ගතවී ඇත.

විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවාගැනීමේදී දේශපාලන බලපෑම් නැතිබව කියන්නට කිසිවෙකුටත් නොහැකිය. තිරය පිටුපසින් බලපෑම් තිබුණත් එළිපිට ලිපි යවා උපකුලපතිවරුන්ට, පීඨාධිපතිවරුන්ට හෝ අංශාධිපතිවරුන්ට බලකෙරෙන තත්ත්වයකට මෙතරම් කාලයක් රජයක් නොවැටී සිටි නමුත් කිරිඇල්ලලාට ඇමතිකම් දුන් යහපාලන ආණ්ඩුව අද ඒ තත්ත්වයට පත්ව ඇත.

කැළණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපතිවරයෙක්ට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිල ලිපි ශීර්ෂය යටතේ අත්සනද සහිතව යවනු ලැබූ ලිපියක සඳහන් වන්නේ ඇමතිවරයාට හිතවත් පුද්ගලයෙකු කථිකාචාර්යවරයෙක් ලෙස බඳවාගැනීම සඳහා කරන බලපෑමකි. මෙහි බරපතලම කාරණය වන්නේ කිරිඇල්ල ඇමතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බාර ඇමතිවරයා වීමයි. මෙය සත්‍ය ලෙසම සිදුව ඇතිනම් කිසිසේත්ම ඉවතදැමිය හැකි සිදුවීමක් නොවේය. යහපාලනය ගැන පම්පෝරි ගහන කිරිඇල්ලලා මෙවන් වූ තත්ත්වයකට වැටීම තුළින් රාජ්‍ය යාන්ත්‍ර‍ණයට මොවුන්ගෙන් සෘජු සහ වක්‍ර‍ලෙස කොතරම් බලපෑමක් එල්ලවන්නේද යන්න පැහැදිලිවේ.

ඒ නිසා යහපාලන රජයට විනයක් ඇතිබවක් පෙනෙන්නට නැත. නමුත් අපේ අභිියෝගය වන්නේ නමට යහපාලනයක් පෙන්වනවාට වඩා මෙවැනි අන්ත නින්දිත ක්‍රියාවන්ට එරෙහිව මේ ආණ්ඩුව ක්‍රියාකරන බව හැකිනම් භාවිතාවෙන් ඔප්පුකර පෙන්වන ලෙසයි.

cia.lk

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us