මොළේ නැති ඇමතිට ගුරු සංගමෙන් බෙහෙතක්

Published in පුවත්
Sunday, 06 March 2016 23:03

අධ්‍යාපන අමාත්‍යවරයා වන අඛිල විරාජ් කාරියවසම් නැමැති සාමාන්‍ය දැනීමක් නොමැති අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍ර‍කාශයක් දැඩිලෙස විවේචනයට ලක්කරමින් ලංකා ගුරු සංගමය ප්‍ර‍කාශකරන්නේ සිසුන්ගේ මානුෂීය ප්‍ර‍ශ්න සදහා මීට වඩා සංවේදීව කටයුතු කරන ලෙසයි. මවට HIV ඒඩ්ස් රෝගය වැළදී ඇතැයි යන කටකතාව නිසා පාසලට ඇතුලත්වීමේ වරම් අහිමිවූ කුලියාපිටියේ සිසුවා වෙන්කොට තබා පුනුරුත්ථාපනය කලයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍ර‍කාශය මෙලෙස දැඩි දෝෂ දර්ශනයට තුඩුදී ඇත.

පසුගියදා බී.බී.සී සංදේශය සමග කරන ලද සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍ර‍කාශකර ඇත්තේ අදාල දරුවා මවගෙන් සහ පාසලෙන් වෙන්කර පුනුරුත්ථාපනය කල යුතුබවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට තමන් උපදෙස් ලබාදුන් බවයි.

එවැනි නින්දිත සහ අධම නියෝග ලබාදෙන්නේ අදාල රෝගය සහ එහි පැතිරයාම සම්බන්ධව අවම හෝ අවබෝධයක් නැති පුද්ගලයෙක් මිස අන් කිසිවෙක් නොවේය. මේ පිළිබද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් කියා සිටියේ ඇමැතිවරයා මේ ප්‍ර‍ශ්නය සම්බන්ධව මීට වඩා සංවේදීව අවධානය යොමුකල යුතු බවයි.

එසේම කිසිවිටක දරුවා මවගෙන් වෙන්කිරීම නොකළ යුතු බවත්, එසේ කිරීමට අමාත්‍යවරයාට හෝ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට කිසිදු අයිතියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

“අධ්‍යාපන අමාත්‍යවරයා කොහොමද හරියටම කියන්නේ දරුවාගේ මවට HIV ඒඩ්ස් වැලදිලා කියලා. එයා ගිහින් පරික්ෂාකරලා බැලුවද? තාත්තා කෙනෙක් විදිහට අධ්‍යාපන අමාත්‍යවරයා දැනගන්න ඕන සේරම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ආදරෙයි කියලා. මෙහෙම අධම ප්‍ර‍කාශකරන එක එච්චර හොද ආදර්ශයක් නෙවෙයි තමන්ගේ තනතුරට“

ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් මහතා මේ පිළිබදව එලෙසින්ද අදහස් දක්වා සිටියහ. මෙම ප්‍ර‍ශ්නය සදහා මේ වනවිට ජනපතිවරයාද මැදිහත්වී ඇති අතර ආදි ශිෂ්‍ය සංගමයේ පෙළඹවීම මත මහනුවර ප්‍රදේශයේ පාසලක් අදාල දරුවාට තම විද්‍යාලයේ ඉඩ වෙන්කර දීමට සූදානම් බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us