සිසුන් පැහැරගෙන යාමට යොදාගත් වාහනය ත්‍රිමලේ නාවික හමුදා කඳවුරේ !

Published in පුවත්
Saturday, 21 November 2015 10:13

කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල් වල සිසු දරුවන් කිහිප දෙනෙකු ඇතුළු 28 දෙනෙකු 2010 වසර තුලදී කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් සිදුකළ පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුව සමත්ව තිබේ.

ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදැරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ උත්සවයක් අවසන් කොට එම සිසුවකුටම අයත් වාහනයකින් සිසුන් 6 දෙනෙකු ආපසු යමින් සිටියදී එම වාහනය සමඟම මෙම පැහැර ගෙන යාම සම්බන්දයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි. නාවික හමුදා කඳවුරේ තිබී හමුවී තිබෙනේ එම වාහනයය. එමෙන්ම එම පැහැර ගැනීමෙන් පසුව වාහනය ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳ වුරේ නා. හ. අංකයක් යටතේ වසර ගනනනාවක් පාවිච්චි කර තිබෙන බව්ද හෙළිව ඇත.

කප්පම් ගැනිමේ අදහසින් මෙම සිසුන් 6 දෙනා පැහරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ එකකයක් විසින් සිදු කරනු ලැබූ බවද හෙළිව තිබේ.

කෙසේ නමුත් මෙම වාහනය අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සහ කළත් නාවික හමුදා කඳවුරේ නිළධාරීන් ඊට බාධා කර තිබේ. පසුව අපරාධයකට සම්බන්ද වාහනයක් සඟවාගෙන තිබෙන බවට නාවික හමුදා පතිවරයාට නෛතික තත්වය පැහැදිලි කර දීමෙන් පසුව එම වාහනය අත් අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව මෙම සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික චෝදනාව එවකට නැගෙනහිර පළාත් බාර අඥාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් ජයන්ත කොළඹ ගේ මහතා වෙත එල්ල වී තිබේ.

සත්හඬ ඇසුරෙණි

Last modified on Saturday, 21 November 2015 10:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us