මෛත්‍රීගේ හොස්ස ළඟින් දැන් මැස්සෙකුටවත් යන්න බෑ. මාධ්‍ය මර්දනයට සූදානම්

Published in පුවත්
Saturday, 14 November 2015 09:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාට අපහාසාත්මක වන ලෙස ලිපියක් පළ කළේ යයි 'ඉරුදින' පුවත්පතට එරෙහිව පැමිණිල්ලක්',  ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිළි කොමිසමට ලැබී තිබේ. 

පසුගිය නොවැම්බර් 08 වන දින ඉරුදින පුවත්පතෙහි ශාලික විමලසේන මහතා විසින් සම්පාදනය කළ 'මෛත්‍රී රනිල් ඇඳුමක් ඇඳ ගනිමුද ?' මැයෙන් වූ ලිපියෙහි සඳහන් වූ ''..මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයකු වී ඉන්නා කාලයේ පරිසරය වනසන්නට කැබිනට් පත්‍රිකා ගෙන ආවේය. සෞඛය අමාත්‍යංශයේ මෙන්ම මහවැලියේද හොරකම් කළ බවට මාධ්‍ය වාර්තා පළ විය. ඒත් මහින්ද රාජපක්ෂලාගේ වියරුව පරාද කරන්නට ඒ වෙලාවේ හිටපු හොඳම කෙනා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. ඒ නිසා මෛත්‍රී දිනුවේය. ජනාධිපති වුණේය. ඒත් මෛත්‍රී මතක තබා ගත යුත්තේ ජනතාව එක පාරක් සමාව දුන්නාට දෙපාරක්නම් සමාව දෙන්නේ නැති බවය".... යන කොටසෙන් ජනාධිපතිවරයාට අපහාසයක් වී ඇති බවට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ජනාධිපතිවරයාගේ 'නියමය පරිදි' මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

මෙම ලිපිය කියවීමෙන්ම පාඨකයා තුලද පොදු මහජනතාව තුලද ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් සහ අපහාසාත්මක හැඟීමක් ජනිතවන බවත් ශිරාල් ලක්තිලක මහතා වැඩි දුරටත් එම පැමිණිල්ලේ සන්දහන් කර තිබේ.

එහෙත් අදාල ලිපියෙහි ඉහත උපුටනය පරිදි එහි ජනාධිපතිවරයා හොරෙක් වංචාකරුවකු හෝ වෙනයම් අගතිකාමී ක්‍රියාවක නිරතවුවකු බව සඳහනක් නැත. එහි ඉතා පැහැදිලිව තිබෙන්නේ ‘මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටි කාලයේදී ‘ වූ සිදුවිම් ගැන කතාවකි. ඒවාට ඔහු සම්බන්ධ බවක් සඳහව නැත. ලක්තිලක මහාතාට අනුව ජනාධිපතිවරය කල්පනා කර ඇත්තේ තමුන් ඊට සම්බන්ධව සිටි බව දැනගෙන විය යුතුය. ඒ අපි දන්නේ නැත. පාඨකයන් හෝ මහජනතාව එසේ කල්පනා කරනවා නම් පත්තරකාරයන්ගේ වරදක් ද නොවේ.

ඒ කෙසේ වූවත් අපට දැන ගැනීමට ඇති තොරතුරු අනුව ලංකාවේ මාධ්‍ය ආයතන රැසකටම මේවන විට ජනාධිපති කාර්යාලයෙන් සෘජු බලපෑම් එල්ල වෙමින් තිබේ. ඒ අතරින් ශිරාල් ලක්තිලක මහතා පෙරමුණේ රාල කෙනෙකු බවද පැවසේ.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා සමාජ ජාලාවන් හී පළවන නිදහස් අදහස් සම්බන්ධයෙන් විරෝධාත්මක ප්‍රකාශයක්ද සිදු කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us