අන්තර් පළාත් ලංකා ගමනාගමන සහ පෞද්ගලික බස්රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන තිස්පහකදී වයස අවුරුදු තිහට ඉහළ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීමට කොවිඩ් කමිටුව ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ඇත.

කොවිඩ් වෛරසය රට පුරා සිඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද (10) පවත්වා තිබේනවා.

මෙරට සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මෙම සතිය තුළ කොවිඩ් එන්නත ලබානොදුන්නොත් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත.

අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් අනුමාන කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ 2021 සැප්තැම්බර් මස පළමු වනදා වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 20,000 ඉක්මවනු ඇති බවය.

සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින් සේවා ස්ථාන වෙත කැඳවීම සීමා කරන ලෙස ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් නිකුත් කර තිබේනවා .

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් දෛනිකව ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා.

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us