මේ වන විට කොවිඩ් -19 ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බවත් ලංකාවේ පැතිර ගොස් ඇත්තේ එංගලන්තයේ දී හමුවු වෛරස් ප්‍රභේදය වන බවත් එම වෛරසය පැතිර යාම වේගවත් බවත්, සංකූලතා සහ මරණ සිදුවීම ඉහළ අගයක් ගන්නා බවත් ඒ පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කර ඇත.
“මහා බ්‍රිතාන්‍යයේ මේ වෛරසය ප්‍රභේදය අපේ රටට ඇතුළු වුණේ, විදේශයක සිට පැමිණි කෙනෙකුගෙන් විය යුතුයි. ඉන්දීය ප්‍රභේදයත් අපේ රටට පැමිණියේ ඉන්දීය ජාතිකයෙකුගේ ශරීරයේ තිබුණා කියලා අපි හොයාගෙන තිබෙනවා. මේ අවදානම දිගින් දිගටම තිබෙන නිසා විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම දැඩිව සිදුකළ යුතුයි.“
-පංචාලි අබේසේකර