අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩල සදහා විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

Published in පුවත්
Thursday, 13 May 2021 12:02

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද (13 වැනිදා) සිට ලබන 30 වැනිදා තෙක් ධාවනයට එක්කර තිබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සදහන් කර තිබෙනවා.

පළාත් අතර සංචරණය මෙම 30 වැනිදා තෙක් තහනම් කිරීමට රජය තීරණය කර ඇතත් අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලවල ඉල්ලීම හා පහසුව තකා දුම්රිය දෙපාර්තුමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බවයි ඔහු පවසා ඇත්තේ.

කොළඹ කොටුවේ සිට මහනුවර, බෙලිඅත්ත, මහව, රඹුක්කන හා හලාවත දක්වා ගමන්වාර දහයක් මෙලෙස ධාවනය වන බවත් එම දුම්රිය සඳහා අත්‍යවශ්‍ය රාජකාරීවල කාර්ය මණ්ඩල පමණක් ප්‍රවාහනය කිරීමට නියමිත බවත් එම ආයතනවල කාර්ය මණ්ඩල බව සනාථ කරන හැඳුනුම්පත් හා ලිපි සන්තකයේ පැවතීම අනිවාර්ය බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ ගමන් කරන සෑම මගියෙකුගේම අනන්‍යතාව පරීක්ෂා කරනු ඇති බවත් ගමනාගමන අධිකාරීවරයා පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us