අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ රෝහල් වලට !

Published in පුවත්
Thursday, 13 May 2021 11:49

කොව්ඩ් රෝගය වැළදී අසාධ්‍ය තත්වයේ සිටින රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගන්නා හයිෆ්ලෝ Hiflow මැෂින් 700 ක් මේ වන විට ඇනවුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ ලෝක බැංකු අරමුදලේ, කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණ වලින් පලමු තොගය වන සිරින්ජර් පම්ප් 500 ක්, හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 40 ක් අමාත්‍යතුමිය වෙත ඊයේ (12) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී භාර ගැනීමෙන් අනතුරුවයි.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 650 ක් වටිනා හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 612ක්, ඔක්සිජන් කන්සන්ටේටර් 200 ක්, මල්ටි පැරා මොනිටර්ස් 385 ක්, සිරින්ජර් පම්ප් 410 ක් සහ ඉන්ෆියුෂන් පම්ප් 400 ක් දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට මේ වනවිට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කර තිබේ.

“කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක් ඉතාමත් අසාධ්‍ය තත්වයට පත්වෙනවා. ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන උපකරණය තමයි මේ හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින්. දැනට අපි සතුව හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින් 350ක් පමණ තියෙනවා. තවත් හයිෆ්ලෝ Hiflow මැෂින් 350 ද තවත් 700 ක් ද මේ වන විට අපි ඇනවුම් කරල තියෙනවා. මමත් කොවිඩ් අසාධ්‍ය වුනු රෝගියෙක් ඒ වෙලාවේ මගේ දිවි බේරා ගැනීමට උපකාරී වුනේ මේ මැෂින් එක. මේ තුළින් අසාධ්‍ය තත්වයේ රෝගීන්ට විශාල සහනයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙනවා.”යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us