එන්නත් ලබාදිය යුතු සියලුදෙනාටම එන්නත් ලබා දෙනවා - යුද හමුදාපති

Published in පුවත්
Thursday, 13 May 2021 11:26

රට තුළ එන්නත් ලබාදිය යුතු සියලුදෙනාටම එන්නත්කරණය සිදුකිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.

අවශ්‍ය එන්නත් විදෙස් රටවලින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේවන විටත් සිදුකරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ පිලිබදව අදහස් පලකළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,

“එන්නත්කරණය කළ යුතු සෑම පුරවැසියෙකුට ම අනිවාර්යයෙන් ම එන්නත්කරණය කිරීමට තමයි බලාපොරොත්තුව. එන්නත්කරණය ගැන ඇහුවම අපි මේ වන විට ගෙනාපු මාත්‍රාවට අමතරව දෙවැනි මාත්‍රාව ගැන වෙනත් රටවල් සමඟ සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව. ඒක මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. ඒ එන්නත බොහෝදුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට අවකාශය තිබෙනවා. එන්නත්කරණය සිදුකරන ප්‍රමාණය අනුව එන්නත් ලැබීමට නියමිතයි. මිලියන 13ක් ස්පුට්නික් එන්නත් ශ්‍රී ලංකා රජය විසින් රුසියාවෙන් ලබාගැනීමට නියමිතව තිබෙනවා. අපි ලක්ෂ 6ක් ගත්ත එක ඉදිරි දින කිහිපයේදී මාත්‍රා ලක්ෂ 09ක් මෙරටට ලැබීමට නියමිතයි. ඒත් එක්කම ජූනි මාසයේ අග එහෙම නැත්නම් ජූලි මුල ලක්ෂ 9ක් මේ වන විට ඇණවුම් කරලා තිබෙනවා. එන්නතක් ලබාගත යුතු සියලුම අයට අනිවාර්යයෙන්ම එන්නතක් ලබාදීමට කටයුතු කරනවා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us