විදෙස්ගතව සිට පැමිණෙන්නන්ට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Published in පුවත්
Wednesday, 12 May 2021 21:12

විදෙස්ගතව සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

විදේශගතව සිට දිවයිනට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කර තිබේනවා.

පවත්නා වසංගත තත්ත්වය අනුව ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. ඒ අනුව විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක නිරෝධායන කාලසීමාවක් අනිවාර්ය කර තිබේ.

එම නිවේදනයේ සඳහන් විශේෂ කරුණු කිහිපයක් පහතින් දැක්වේ,

* වයස අවුරුදු 2ට අඩු ළමුන්ට PCR පරීක්ෂණ සිදුකරනු නොලැබේ.
* ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසුව අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් PCR පරීක්ෂණ සඳහා භාජනය විය යුතුය.
* වයස අවුරුදු 2 සහ ඊට වැඩි සියලුදෙනා පැමිණි දිනයේ සහ සහ දින 11ත් 14ත් අතර දෙවැනි PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.
*පළමු සහ දෙවැනි PCR පරීක්ෂණ ප්‍රතිඵල යහපත් නම් විදෙස්ගතව පැමිණි සියලුදෙනාට දින 14 පසුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යා හැකිය.
* නමුත් යම් අයෙක් ආසාදිත පුද්ගලයෙක් ගේ පළමුපෙළ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගතහොත් ඔහුගේ/ඇයගේ නිරෝධායන කාලය දීර්ඝ වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us