තමන්ගේ ගමේ තමන්ට ඡන්ද දුන් ජනතාව හමුවට යෑමට නොහැකිව ලත වෙමින් සිටින පජාත ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඒ වෙනුවෙන් සකස් වූ හොර පාරක් ගැන ශ්‍රිලනීප ඩබල් ගේම් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දී තිබේ. ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා ' මං පොර එජාප විරෝධී පතාක යෝධයෙක්.. ' යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දවීමෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ඉකුත්දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි වූ බවත් එය මැඬලීමට කවර ආකාරයේ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඒවා බිඳදමා 'මාපිලා' ලකුණෙන් හෝ තරග කර මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශ අද මව්බිම වාර්ථාකර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද මාධ්‍ය හමුවේ ප්‍රකිශයක් කරමින් පැවසීය.

එක් ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 10 බැගින් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති 55000 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබුණ ද ඒවා පිළිබඳ ජනතාව දැනුම්වත් වී නොසිටීම දැවැන්ත ඛේදවාචකයක් බව ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට සහය දෙන්නේ නම් නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දීමට ජනාධිපතිවරයා එකඟ බව ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් මද්දුම බණ්ඩාර මහතාට දැනුම් දී තිබූ බව ශ්‍රීලනීප දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අප්‍රේල් 04 වන දිනට නියම කර ඇති අතර එදින රාත්‍රී 9.30 න් පසුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

තවත් වසර දෙකකින් එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධව තරග කිරීම විය යුතු බව සෞඛ්‍ය ඇමැති රාජිත සෙනාරත්න පවසයි. වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නෙ මේ අනාගත සම්මුතිය කඩා ඉහිරවා දැමීමට බවද ඔහු අවධාරණය කරයි.

ld add copy

Connet With Us