ඊළඟට, ඇවන්ගාඩ් බ්ලැක් ලිස්ට්. මහරාජාට හා ඇමැතිවරයාට ඉඩ
අවිආයුධ ගණුදෙනුවේදී ක්‍රමවේද සහ නීතිමය කාරණා පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
රාජ්‍යය හා පක්ෂය ගොඩ නැඟීමේ දර්ශනය මැයෙන් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දිප්තිකුමාර ගුණරත්න මහතා දේශනයක් අද(11) සවස 3.30 ට කොළම මහජන පුස්තකාලීය ශ්‍රවණාගරයේදී පැවැත්වේ.
ගොවීන් 20,000 කට වැඩි පිරිසක් කෘෂි රසායන හේතුවෙන් ඇතිවන වකුගඩු රෝග නිසා මියගොස් ඇතැයිද, තවත් 5,00,000 වඩා වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයි ලෝක ආහාර දිනය නිමිත්තෙන් ප්රකාශනයක් නිකුත් කරන ආහාර ස්වෛරීභාවය උදෙසා ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කර සිටී.
මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්වෙන්නේ නෑ- විජයදාස රාජපක්ෂ
ඇවැන්ගාඩ් සිද්ධිය මුල්කරගෙන මිනීමරුවන් සහ කප්පම් කරුවන්ගේ ඉල්ලීම්වලට මුලා වී ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් තමන් අඥනවන්තයකු නොවන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (10 දා) පැවැසීය.
ඇවන්ගාර්ඩ් ප්රශ්නය සමථයකට, තවත් සමාගම්වලටත් අවස්ථාව දෙයි
ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ ගැටලුව මේ වන විටත් විසඳී ඇති බවත් ඉදිරියේදී ඇවන් ගාර්ඩ් සමාගමට තිබු ඒකාධිකාරිය අවසන් කර සුදුසුකම් සහිත සමාගම් කිහිපයකටත් එම ව්‍යාපාරය කරගෙන යාමට අවස්ථාව ලබාදීමත් සිදුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ජනතා විමුක්ති පෙරමුණට රිදවීම සඳහා ‘එකට වැඩ කළ නොහැකි පිරිස්’ පවා ඒකරාශී වී ඇති නමුත් අවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම අත් නොහරින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. නමුත් එමඟින් පක්ෂයේ ගමනට ඉන් බලපෑමක් හෝ බාධාවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
තමන්ව පොදු සමාවක් යටතේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් බන්ධනාගාරගතව රඳවාගෙන සිටින එල්ටීටීඊ දේශපාලන සිරකරුවන් ඊයේ (9 වැනිදා) සිට යළිත් උපවාසයක් අරඹා තිබේ.
රජයේ තීරණ අනුව ඇප මත මුදාහැරීම නොව ජනාධිපතිවරයාගේ විධායක බලතල යටතේ පොදු සමාවක් ලබා දිය යුතු බව පවසමින් දේශපාලන සිරකරුවන් උපවාසයේ නිරතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල පිහිටුවන්නේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.