ගර්භණී කාන්තාවන් සඳහා සුදුසු එන්නත කුමක්ද ?  

Published in පුවත්
Monday, 17 May 2021 19:23

ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අවසන් සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ,

"නම් වශයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත නිර්දේශ කරලා තියෙනවා වෛද්‍යවරුන්ගේ අනුදැනුම් ඇතුව ගර්භණී මව්වරුන්ට භාවිත කිරීමට. බහුතරයක් රටවල්වල ඒ ඒ රටවල භාවිත කරන එන්නත් ගැබිනි කාන්තාවන්ට නිදහසේ ලබා දෙනවා. ගර්භණී කාන්තාවන් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ අද සාකච්ඡාවකුත් තියෙනවා. අපේ විද්‍යායතනයත් ගැඹුරින් කියනවා නම් මේක විය යුතුයි කියලා සාකච්ඡාවෙන් පසු සුභදායක පණිවුඩයක් අපිට ලැබෙයි."

මේ අතර අද (17) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා සඳහන් කළේ,

"ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් තියෙන වාසි සහ අවාසි ගැන සලකා බැලුවාම අපිට වැඩිපුරම වාසි තමයි දකින්න තියෙන්නේ. ඒ අනුව වඩාත්ම සුදුසු වෙන්නෙ ශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්ට එන්නත ලබාදීම," යනුවෙනි.

කෙසේවෙතත් කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් 5 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් මෙය තවදුරටත් ඉහළ යා හැකි බවත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය 5 වන ගැබිනි කාන්තාවගේ මරණය පානදුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 160 ක් පමණ මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us