මුඛ ආවරණ පැළදීමකින් තොරව මාළු වෙළදාමේ නිරතවූ 136 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේනවා.
ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බවයි

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවතින නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත්කර තිබේනවා.

ගමක රාජ්‍ය නිලධාරින් කොපමණ ඉන්නවාද කියලා අපි දන්නා නමුත් අපි ගමට යන විට ඒ ගම්වල ජනතාවගේ ගැටළු එකක්වත් විසඳි නැති බවත් එදා තිබුණ තත්ත්වය වෙනස් කරලා වැඩි අවධානයක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් යොමු කිරීම සඳහා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” වැඩසටහන ආරම්භ කළ බවත් "ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට " ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පැවැසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් දෙදින නිල සංචාරය නිමකර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර අවසන් හමුව ලෙස අද පෙරවරුවේ(7) එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

කමිටු නිර්දේශ අනුව කොවිඩ් දේහ ආදාහනයට පමණයිකමිටු නිර්දේශ අනුව කොවිඩ් දේහ ආදාහනයට පමණයිකමිටු නිර්දේශ අනුව කොවිඩ් දේහ ආදාහනයට පමණයිකමිටු නිර්දේශ අනුව කොවිඩ් දේහ ආදාහනයට පමණයිකොවිඩ් 19 ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට කමිටු නිර්දේශ ඉදිරිපත් ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. අද පාර්ලිමේන්තු සභාවේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබේ.අදාළ නිර්දේශය කිසිදු ආගමික හෝ වෙනත් හේතුවක් මත ඉවත් නොකර ක්‍රියාවට නංවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ ප්‍රදේශයේ විශාලතම නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන්.

එළඹෙන සතියේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය Twitter ගිණුමේ සටහනක් තබමින් පවසා සිටිනවා.

ld add copy

Latest News

හරීන්ට අලුත් තනතුරක්   

හරීන්ට අලුත් තනතුරක්  

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජා...

Connet With Us