දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වී ඇති අලාභය තක්සේරු කිරීම සඳහා අනුකමිටු පහක් පත්කර තිබේ.

පසුගිය යහපාලන යුගයේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිළ සංශෝධනය කලේ නම් අද රුපියල් 157 ට විකුණන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් වන බවත් අද රු.111 ට විකුණන ඩීසල් ලීටරයක මිළ රු 122 ක් වන බවත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේය.

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඞ් ව්‍යසනය පාලනය සහ ඒ වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව අද (22දා) රුපියල් කෝටි විසිදහසක අති විශාල මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් 30ක් සමග ගල්කිස්ස පොලිසිය මගින් ඊයේ(21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

වසර දෙකක් ඇතුළත සමස්ත රටම ආවරණය වන පරිදි සන්නිවේදන කුලුනු ඉදි කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සජබ මන්ත්‍රීවරු අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව හෙට (22) දින කථානායකවරයාට භාරදෙන බව සමගි ජන බලවේගය පවසයි. මේ බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ld add copy

Connet With Us