ලසන්ත, තාජුදීන් ඝාතන ඇතුළු රාජපක්ෂ යුගයේදී සිදුකෙරුණු අපරාධ කිහිපයක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කර ඒ සම්බ්න්ධයෙන් තමාට වාර්ථා කරන ලෙස නීතිපති දප්පුල ඩි ලිවේරා , වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට අද ලිඛිතව දැනුම් දි තිබෙන බව වාර්ථාවේ. එම අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීම කඩිනම් කිරීම වෙනුවෙන් මෙලෙස එම විමර්ශන වාර්ථා ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් උත්සවශ්‍රීයෙන් වඩම්මවන ලද ගෝඨාබය රාජපක්ෂ සිය වන්දනා ගමන අවසන් කර යළි සියරට වන අමරිකාවට යෑමට සූදානම් වෙතැයි එම පක්ෂයේම තොරතුරු මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම වියයුතු බව ඇමැති ලක්ෂමන් කිරිඇල්ල ද එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇති බව ‍TV 1 රූපවාහිනී සේවය වාර්තා කරයි.

ඉදිරියේදී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය මේ වන විටත් උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ. එජාපය ප්‍රමුඛ සන්ධානය හා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මෙහිදී ප්‍රධාන පාර්ශ්ව දෙක ලෙස ඉදිරිපත් වනු ඇත. මෙම කණ්ඩායම් දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශිතය.

ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අනාගත නායකයා ලෙස පිළිගැනිමට පොදුජන පෙරමුණ තීරණය කර තිබුණද තමන් අතින් වූයේ වැරැද්දක් බවට එම පක්ෂයෙ ක්‍රියාකාරිකයන් වෙතින් මහින්ද රාජපක්ෂට පැමිණිලි ගලා එන්නට පටන් ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ගොඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ මෙරට දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයක් වනු ඇතැයි ද එය මෙරට බහුතර ජනතාව විසින් ඉහළින් පිළිගනු ඇතැයිද රාජපක්ෂවාදී පිරිස් අපේක්ෂාසහගතව සිටියත් එය මාධ්‍ය සංදර්ශනයකින් පමණක් කෙළවර විය.

එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ld add copy

Connet With Us