බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු පළාත් සභා මන්‍ත්‍රීවරුන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවට හිටපු මන්ත්‍රීවරු 120කට ආසන්න ප්‍රමාණයක් අද සන්ධාන ගත වී ඇත. අද දින පැවැති පොදු ජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවේ දි මෙම තිරණයට එකඟ වී ඇත.

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ නාමල් රාජපක්ෂ පාර්ශ්වය අතර පසුගිය දා පැවැති රහසිගත සාකච්ඡාවේ අරමුණු මේ වන විට අනාවරණය වෙමින් පවතී.

අද (31) උදෑසන 138 කඩවත - කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඍජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රථිපල යළි අරගලයක් ඇතිවීමට බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

මෙරට මිලියන හතරකට ආසන්න අවිධිමත් අංශයේ සේවකයන් කඩිනමින් විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කර ගැනීමට නියමිත බව වාර්තා වේ.

ld add copy

Latest News

Connet With Us