ඒ අනුව අමාත්‍ය රුවන් කොඩිතුවක්කු පවසා සිටියේ මේ වසරේ ජූලි මාසයේදී එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බවයි
ඉන්දියාවේ අදානි සමාගම විසින් සංවර්ධනය කෙරෙන බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන මාසයේදී අවසන් කිරීමට හැකියාව ලැබෙන බවත්, මෙම පර්යන්ත දෙකේ ඉදිකිරිම් අවසන් වීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 08 සිට 13 දක්වා ඉහළ යන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
මෙය මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා ජාත්‍යන්තර වෙළඳාමට දැඩි පිටිවහලක් බවද ඔහු ප්‍රකාශ කළේය