නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

සුරක්ෂා සිසු රක්ෂණය අද(01) සිට වසර තුනක කාලයක් සඳහා රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසී ය.

ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 'ලොකු පැටී' නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම  සඳහා රාජ්‍ය නිලධාරින්ට   මාර්ගෝපදේශ මාලාවක්  හෙට (2) නිකුත් කරන බව මානව  හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ld add copy

Latest News

Connet With Us