රජයේ වැඩ ජනතාවට රහසක් වෙලා. රජයේ වෙබ් අඩවි ගනනාවක් ක්‍රියා විරහිතයි.  

Published in පුවත්
Sunday, 12 January 2025 15:49

ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල්කරණ ගැන නිතරම කතා කරන අතර රජයේ ප්‍රධානම ව්‍යාපෘති තුනෙන් එක්ක ලෙස රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඔහු බලයට පත්වීමට පෙර හොඳින් ක්‍රියාත්මක වූ රජයේ වැදගත්ම වෙබ් අඩවි කිහිපයක්ම මේ  වන විට ක්‍රියා විරහිතව ඇති අතර ඒවාට ප්‍රවේශ විය නොහැක.

රජයේ ගැසට්, පනත් පනත් කෙටුම්පත් සහ අනෙකුත් වැදගත් නිවේදන වෙත ප්‍රවේශ වීම සඳහා වැදගත් සහ අත්‍යවශ්‍ය වෙබ් අඩවියක් වන රජයේ මුද්‍රණාලයේ www.documents.lk වෙබ් අඩවිය ද සතියකට වැඩි කාලයක් තිස්සේ, ක්‍රියා විරහිතය. වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කරන අයට '' නඩත්තුවක් සිදු කරමින් සිටින බවට ( This website is under construction) යනුවෙන් පණිවිඩයක් ලැබේ.

ජනාධිපති කාර්යාල වෙබ් අඩවියේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) ද්වාරය මාසයකට වැඩි කාලයක් අක්‍රිය වී ඇති අතර, මුල් පිටුව පුරා "ළඟදීම පැමිණේ" යන පණිවිඩය දිස්වන අතර, නිකුත් කිරීමට නියමිත චිත්‍රපටයක් මතක් කර දෙයි.

රජය ඩිජිටල්කරණය ගැන බැරෑරුම්ව කල්පනා කරන්නේ නම්, රජයේ වෙබ් අඩවි ක්‍රියාත්මක විය යුතු අතර නඩත්තුව සඳහා සති ගණනන් ඒ වෙනුවෙන් කල් මැරීම සිදු නොවිය යුතුය. විශේෂයෙන් මේ වෙබ් අඩවි ඉතා හොඳින් ක්‍රියාත්මක වූ ඒවාය.

එමෙන්ම රජයේ ක්‍රියාකාරිත්වය, තීන්දු තීරණ, ටෙන්ඩර් ප්‍රධානයන් ආදී තොරතුරු දැන ගැනීමට ජනතාවට පහසු ප්‍රවේශයක් ලෙස ඩිජිටල් වේදිකාවන් ගොඩනැඟුම විය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින්ද පෙන්වා දී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us