ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පාසල් ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

අද (04) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාරය යථා තත්ත්වයට පත කිරීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිණිස තවදුරටත් උත්සාහ දැරීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

‘ඔන්ලයින් වීසා’ (Online Visa) නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ 'ඔන්ලයින් වීසා' නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ජාතන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා සහ අවබෝධය මත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මඟ පෙන්වීම යටතේ රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සාර්ථකව සිදු වෙන බව පසුගිය දා මෙරට සංචාරය සඳහා පැමිණ සිටි එම අරමුදලෙ නියෝජිතයන් පෙන්වා දී තිබිණි.

රාජකාරී වේලාව තුළ රජයේ නිලධාරීන්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතුවන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍රලේඛයක් මඟින් දක්වා තිබේ.

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම සන්ධානයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

ld add copy

Latest News

Connet With Us