විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු දත්ත වැරදි බව හෙළිවෙයි Featured

Published in පුවත්
Wednesday, 15 January 2025 08:30

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අනාවරණය කෙරුණි.

එහිදී විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, අදාළ වැරදි ගණනය කිරීම් සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවිය යුතු බවය.

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික,

"දැන් මේ මගේ අතේ තියෙන්නේ ලංවිම විදුලි ගාස්තුවල දත්ත වැරදි බවට විගණකාධිපති අධ්‍යයනයකින් තහවුරු කරලා තියෙන වාර්තාව. මේක විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට යවලා තියෙන්නේ. එතකොට 2024 - 2025 ලංවිම ඉදිරිපත් කරපු දත්ත සංශෝධන යෝජනා වැරදි ඇස්තමේන්තු පිළිබඳව මෙතනදි මත විමසුමට ලක්වෙනවා. ඒ නිසා විගණකාධිපතිගේ තොරතුරු කැඳවීමට කෙඳිරි ගාන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්. දැන් වැරදි දත්තවලට විදුලි බිල් ගෙව්වේ පාරිභෝගික අපි. කවුද දැන් මේවට වගකියන්නේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us