ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානම් - චීන ජනාධිපති  

Published in පුවත්
Wednesday, 15 January 2025 22:05

චීන රජයේ නිල ආරාධනයක් අනුව එරට සංචාරයක් සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සාකච්ඡාවක් පැවැත්විණි.

එය අද(15) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 68 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇත.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්න යටතේ, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය අඛණඩව ගැඹුරින් පවත්වා ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

චීනය සෑම විටම මෙන් ශ්‍රී ලංකාවේ ජාතික ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා සහාය දක්වමින් ශ්‍රී ලංකාව සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කොට රට පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් සිටින් බවත් කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නව වසර ආරම්භයේදී චීනයේ සංචාරයට එක්වීමට ලැබීම පිළිබඳව තමා ඉතා සතුටු වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. චීනය සැම විටම ශ්‍රී ලංකාවේ විශ්වාසදායක මිතුරෙකු සහ සහකරුවෙකු බවත් චීනය සමඟ ඇති සබඳතාව ශ්‍රී ලංකාව ඉතා වැදගත් කොට සලකන අතර, එකම චීනය යන මූලධර්මය තරයේ පිළිපදින බව හෙතෙම සඳහන් කළේය. ගෝලීය දකුණේ ඉතා වැදගත් නායකත්ව රටක් වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබෙන බවත් චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව, දෙරටේ නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගීතා ලිපිලේඛන මාලාවක් අත්සන් තැබිණ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us