හාල් මෝල් හිමියන් රයිස් පොලිස් මිල හා සුණු සහල් මිල තුන්ගුණයකින් වැඩිකිරීම නිසා කුකුළු ආහාර නිෂ්පාදනය කරගත නොහැකි පසුබිමක බිත්තරයක මිල රුපියල් 60ක් 65ක් අතර ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (11 වැනිදා) පැවසීය.

2024 මහමැතිවරණය හේතුවෙන් දිවයිනේ ඇති සියලු පාසල් සඳහා අද(13) දිනයේ සිට නිවාඩු ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය තීරණ තිබෙනවා.

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ඊයේ (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම අස්වැසුම ප්‍රතිලාභීන්ට අද (12දා) සිට තමාට හිමි නොවැම්බර් මස ප්‍රතිලාභ මුදල ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසයි.

අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ අධිකරණ කිහිපයක නඩුවලට පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරයකු, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් බන්ධනාගාර රැඳවියන්ට හෙරොයින් ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබේ.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us