අල මගඩියෙන් රජයට කෝටියක් පාඩුයි

Published in පුවත්
Wednesday, 08 January 2025 10:52

චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩා කර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.

වරාය මෙම අල තොගය පසුගිය 1 වැනිදා අළෙවි කර ඇති බවත් මෙම ටෙන්ඩරයේදී අතරමැදි ගැණුම්කරුවෙක් කිලෝවක් රුපියල් 120 ක් වැනි අඩු ලංසුවක් ඉදිරිපත් කර ටෙන්ඩර් මණ්ඩලය ද එම මුදලට එකඟ කරවා ගනිමින් වරාය තක්සේරුවටත් වඩා අඩු මිලකට ගෙන ඇති බවත් වරාය අධිකාරියේ ඇතැම් නිලධාරීහූ පවසති.
මෙහිදී අල කන්ටේනර් දෙකක් දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද අනෙක් කන්ටේනර් දෙක නමගිය තවත් ව්‍යාපාරිකයෙක් ද මිලදී ගෙන දෙවැනි අළෙවියේදී විශාල ලාභයක් සමඟ අළෙවි කර ඇති බවත් මෙම සතියේ මෙරට සාමාන්‍ය වෙළෙඳපොලේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 300 ත් 390 ත් අතර මිලක පැවැති බවත් ඔවුහු කියති.
කොළඹ කොටුව තොග වෙලෙඳපොලේ චීන අල කිලෝවක තොග මිල රුපියල් 220 ත් 240 අතර මිල පවතින බවත් ඒ අනුව මෙම ටෙන්ඩර්ර්යෙන් අල තොගය අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවත් වූ බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයෙන් ආනයනය කරන අල දේශීය අලවලට බොහෙවින් සමාන වීම නිසා එම අල දේශීය අළ යැයි පවසමින් බොහෝ වෙළෙදුන් අළෙවි කරන අතර දේශීය අල කිලෝවක මිල රුපියල් 370 ත් 390 ත් අතර පවතී.

 

 

- ලංකාදීප 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us