ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(06) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ නීතිය ( Economic Transaction Law ) අදාල පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසන බව අරුණ පුවත් පත සඳහන් කරයි.
උෂ්ණය දරා ගැනීමට නොහැකිව 9 දෙනකු මිය යයි. කාලගුණයෙන් අනතුරු හැඟවීම්
නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, 'යෙන් 'ණය ව්‍යාපෘතියක්
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමෙන් පසු පවතින ‘යෙන් ණය ව්‍යාපෘති’ හෙවත් ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට තවදුරටත් සහාය දැක්වීම ජපානයේ අභිප්‍රාය බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ප්‍රකාශ කළාය.
ලංකාවේ සිදුවෙන, ලොව කිසිඳු රටක නොවුණු දෙයක් ගැන ජනපති හෙළිකරයි.
ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සුළු වැරදිකරුවන්ව බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමට වැඩපිළිවෙළක්
සුළු වැරදි සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ අද (04) මෙරටට පැමිණීමට නියමිතයි.
FOXHILL රිය අනතුරින් දිවි අහිමි වුවන්ට රු.මිලියනය බැගින් වන්දි
FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.