උද්ධමනය ගැන නන්දලාල් කියයි

Published in පුවත්
Wednesday, 08 January 2025 16:01

මේ වසරේ මැද භාගය වනවිට මෙරට උද්ධමනය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනි.

75 වසරක් සපිරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 නව වසර සඳහා වන ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"2025 මැද භාගව වනවිට උද්ධමනය නැවතත් ධානාත්මක කලාපයකට පැමිණෙයි. මුදල් අමාත්‍යංශය සමග එකඟ වූ ආකාරයට 5%ක ප්‍රතිශතයක ස්ථාවර වේවි. 2025 වසර මුල භාගයේ දී නිවැරිදි කිරීමක් ලෙස අවධමනයක් ද වාර්තා වියහැකියි. පුද්ගලික අංශයේ ණය ප්‍රකෘතිමත් වීම තවදුරටත් අඛණ්ඩව සිදුවේවි. රජයේ වාර්තාමය ප්‍රතිපත්ති ඊට සහායක් වේවි. ව්‍යාපාරික හිතවාදී වාතාවරණය ඊට බලපාන සාධකයක් දේශීය මිල ගණන්වලට බලපාන බාහිරි අවදානම් අවමවීමක් ද බලාපොරොත්තු විය හැකියි." 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us